IMF නියෝජිතයින්ට වෘත්තීයවේදීන් ලිපියක් බාරදෙයි

උපයන විට ගෙවීමේ බදු ප්‍රතිපත්ති සංශෝධනය කරන ලෙස ඉල්ලා වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව (20) දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට කාර්යාලයට සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනනේ පළමු සමාලෝචනය සඳහා දිවයිනට පැමිණ සිටින නියෝජිත කණ්ඩායමේ අවධානය සඳහා අදාළ සංදේශය භාරදුන් බව වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා පවසා සිටියා.