ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ ස්ථාපනය කර තිබෙන MRI scan යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු පසුගිය 03 දා සිට නවතා දමා ඇති බව වාර්තා වී ඇත. මේ හේතුවෙන් රෝගීන් දැඩි අසරණතාවයට පත්ව ඇති බව වාර්තා වී ඇත. මෙම ස්කෑන් යන්ත්‍රය හදිසි අනතුරුවලට ලක්ව හෝ සැත්කම් වලට ස්නායු සැත්කම් වලට භාජනය වීමට නියමිතව සිටින රෝගීන්ගේ පරීක්ෂණ සඳහා වෙන්කර තිබී ඇති. මේ හේතුවෙන් එම රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු වූ ප්‍රකාශ කරන ලදී.
මෙම ස්කෑන් යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 25 ට වැඩි ප්‍රමාණයකගේ MRI පරීක්ෂණ සිදුකර ඇති අතර මේ වන විට එම රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම සම්පූර්ණයෙන් නවතා දමා ඇත. මෙම යන්ත්‍රයට අමතරව තවත් යන්ත්‍ර 2 ක් මේ වනවිට ජාතික රෝහල සතුව රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම සඳහා භාවිතා වෙයි.
MRI scan පරීක්ෂණ සිදු කිරීම සඳහා සූදානම් කර සිටින රෝගීන් මේ වන විට පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔරෝහලින් පිටත් කර හරින බවත් එම රෝගීන්ට පවසා තිබෙන්නේ යන්ත්‍රය බිඳ වැටීම හේතුවෙන් පරීක්ෂණ සිදු නොකරන බවයි. කෙසේ නමුත් යන්ත්‍රයේ කිසිදු බිඳවැටීමක් සිදුවී නොමැති බවත් එක්තරා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බලපෑම මත මෙම යන්ත්‍රයේ පරීක්ෂණ කටයුතු නවතා ඇති බවත් අදාළ රෝහල් ප්‍රකාශක වාර්තා කරයි.
MRI පරීක්ෂණ මෙලෙස සිදු නොකිරීම හේතුවෙන් රෝගීන්ට පුද්ගලික රෝහල්වලින් පරීක්‍ෂණ සිදු කර ගැනීමට සිදුව තිබෙන අතර පරීක්ෂණයක් සඳහා රුපියල් 30000 ත් 120000 ත් අතර මුදලක් වැය කිරීමට සිදුව ඇත.
මේ පිළිබඳව අදාළ බලධාරීන් කඩිනමින් අවධානය යොමු කොට රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම සඳහා මැදිහත් වන ලෙස රෝගීන් ඉල්ලා සිටි.

