Omicron සීග්‍රයෙන් වැඩිවෙද්දී සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයේ ආරම්භ කරයි

Omicron සීග්‍රයෙන් වැඩිවෙද්දී සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයේ ආරම්භ කරයි
  • අපේ රටේ දැන් තියෙන්නේ රෙදි ගලවා ගත් වැටුප් කොමිසමක්.
  • හෙට උදේ හතේ සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවරන්නේ රටේම වැටුප් ප්‍රතිපත්තිය වෙනුවෙන්.
  • සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් පාලනය අත හැරලා ඉන්නේ.
  • කොවිඩ් කාර්ය සාධන බලකාය විසිරුවා හැරියාම, කොවිඩ් වසංගතය විසිරුවා හරින්න පුළුවං කියලා සමහරු හිතාගෙන ඉන්නවා

ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කලේ වැටුප්  කොමිසමේ එකඟතාවය සහිතව කියලා පැහැදිළිව සදහන් වෙනවා. අපි අහනවා වැටුප් කොමිසම මෙච්චරකල් ආරූඩ කරගෙන හිටපු දේව වරමට මොකද වුණේ කියලා. ඒ වගේම දැං දන්නේ නෑ වගේ ඉන්න හදන්න එපා. ගුරුවරුන්ට සමාන වැටුප් විෂමතාවයක් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට තියනවා. දැං ඒකත් ඉවත් කරන්න යයි (25) දින මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලයේ සභාපති, රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කලේය.

ඒ මහතා එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සිදු කරලා තියන බරපතල විෂමතාවය පිළිබදව පිළිබදව රජය දැනුවත් කිරීමේ වගකීම වැටුප් කොමිසමට. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට ඇති කරවලා තියන බරපතල විෂමතාවයට වැටුප් කොමිසම වග කියන්න ඕනේ. රටේ වැටුප් ක්‍රමය නිවැරදි කරන්න බැරිනම්, හැකියාව නැත්තං පුටු රත් කර කර ඉන්නේ නැතුව ගෙදර යන්න ඕනේ.

(25) දින උදේ 7ට අපි අවසන් පළාත් වර්ජනයත් ආරම්භ කරනවා. ඒ අනූව හෙට බස්නාහිර සියළු රෝහල්  වර්ජනය කරනවා. පෙබරවාරී මුල් සතියේ සිට අපි අඛණ්ඩ අරගලයක් දියත් කරනවා .

මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ ගුරු වැටුප් විෂමතාවය විසදන්න බලහත්කාරයෙන් ඔළුව දාන්න ගියා අපිට මතකයි. ඔන්න දැන් ගුරුවරු තමන්ගේ වැඩේ කරගෙන. දැං ලොකුම අසාධාරණය වෙලා තියෙන්නේ හෙද සේවාවට සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට. අවුරුදු 4ක විශේෂ වෘත්තීමය උපාධියක්, එහෙම නැත්නම් උසස් ඩිප්ලෝමාවක් තියන හෙද නිලධාරියෙකුට, උසස්පෙල සමත් කෙනෙකුට තියන වැටුපටත් වඩා අඩු වැටුපක් අද තියෙන්නේ. අනුන්ගේ ප්‍රශ්ණ බලෙන් විසඳන්න යන්නේ නැතුව, දැන්වත් තමන්ගේ ප්‍රශ්ණය විසඳන්න මහන්සි වෙන්න කියලා අපි උන් වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. යයි කුමුදේස් මහතා වැඩිදුරටත් සඳහන් කලේ.