Omicron රැල්ලකට මුහුණ දෙන්න GMOA වෙතින් විශේෂඥ වාර්තාවක්

Omicron රැල්ලකට මුහුණ දෙන්න GMOA වෙතින් විශේෂඥ වාර්තාවක්

පසුගිය වසරේ ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වූවා සේම ඉදිරියේදී Omicron ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ප්‍රකාශ කරයි.

“Omicron ප්‍රභේදය ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ 2021 නොවැම්බර් මාසයේදී දකුණු අප්‍රිකාවෙනුයි. දැනට, නව ප්‍රභේදය රටවල් 110 ක වාර්තා වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ Omicron ප්‍රභේදය සහිත රෝගීන් කිහිප දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එබැවින්, අනාගතයේදී මතුවිය හැකි Omicron ප්‍රභේදය හෝ නව ප්‍රභේද සමඟ ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා GMOA විසින් 12 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා‘ යැයි ඔහු පැවසුවේය.

විශේෂඥ කමිටුව සායනික විශේෂඥයින්, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයින්, වසංගත රෝග විශේෂඥයින්, වෛරස් රෝග විශේෂඥයින්, පටක සහ රසායනික චිකිත්සකයින් සහ වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත විය.

එම GMOA විශේෂඥ කමිටුව විසින් සකස් කරන ලද “SARS-CoV-2 Virus හි Omicron සහ අනාගත නව ප්‍රභේදවලට මුහුණ දීම” වාර්තාව ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම විද්‍යාත්මක දත්ත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ, එක්සත් ජනපදයේ CDC සහ FDA හි දත්ත සහ යුරෝපීය රටවල්, සිංගප්පූරුව, ඊශ්‍රායලය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු විවිධ රටවල් omicron සමඟ සටන් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් වාර්තාව සකස් කරන ලදී.

මෙම වාර්තාව සහ එහි නිර්දේශ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවට නැංවීම සඳහා සැලසුම් කර ඇති බව GMOA පවසයි.