ජපානයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් එරට ලක් තානාපති කාර්යාලය විසින් නිකුත්කර තිබේ.
එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් සේවාවන් සපයනු ලබන්නේ උදෑසන 09.00 සිට සවස 04.00 දක්වා පමණක් බව සිහිපත්කර දී තිබෙන අතර මෙම කාලය තුල සේවාවන් ලබා ගැනීමට පහතින් දැක්වෙන දිගුව භාවිතාකරන ලෙසත් සිහිපත් කර දෙයි.
එමෙන්ම කොන්සියුලර් සේවාවන් ලබා ගැනීම සඳහා කලින් වේලාවක් වෙන්කර පැමිණීමද අනිවාර්ය බවත් නිවේදනයේ සඳහන්.

ලෙබනනයේ ජනතාවගෙන් සියයට 80 කට වැඩි පිරිසකට ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොලැබෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. ලෙබනනය, මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉදිරියේදී තවත් අර්බුද රැසක් ඇති විය හැකි බවයි, විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ.
