උපකරණ මිලදී ගන්න කලබල වෙන අය, ඒවා වැඩ නොකර රෝගීන් පෝලිම්වල දුක් විඳිනකොට කලබල වෙන්නේ නෑ - රවි කුමුදේස්

උපකරණ මිලදී ගන්න කලබල වෙන අය, ඒවා වැඩ නොකර රෝගීන් පෝලිම්වල දුක් විඳිනකොට කලබල වෙන්නේ නෑ - රවි කුමුදේස්

සෞඛ්‍යා අමාත්‍යාංශය මිලදී අරගෙන තියන මිලියන ගණනක් වටින අධි තාක්ෂණික උපකරණ වලින්  20% -30 % අතර ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්නේ නැතුව තමයි අපි රෝගීන්ව අවුරුදු ගණන් පෝලිම් වල තියලා තියෙන බවත්, එම උපකරණ මිල දී ගැනීම අවශ්‍යතාවයට අනූව නෙවෙයි වෙන්නේ, බිස්නස් සහ කොමිස් වුවමණාවට අනූව තමයි සියළු  ප්‍රසම්පාදන කටයුතු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය හමුවදි ප්‍රකාශ කර සිටියා.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

බොහෝ වෙලාවට මේ උපකරණ පාවිච්චි කරන වෘත්තිකයෝ දන්නේවත් නැතුව, වෙන අයගේ ගණු දෙණු පියවා ගන්න අධි තාක්ෂණික උපකරණ හිටි හැටියේ රෝහල් වලට ගොඩ බානවා. උපකරණ මිලදී ගන්න කලබල වෙන අය, ඒවා වැඩ නොකර රෝගීන් පෝලිම්වල දුක් විඳිනකොට කලබල වෙන්නේ නෑ.

මේ සියල්ල වෙන්නේ තාක්ෂණික ඇගැයිම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ හදලා   තියන හිල් නිසා. සෞඛ්‍ය අමාත්‍යාශයේ ප්‍රසම්පාදන, තාක්ෂණික ඇගයිම් ක්‍රමය විසින් සමාගම් වැරදි ක්‍රම වලට පොළඹවනවා. ඒ නිසා මේ ක්‍රමය හදන්න ඕනේ. මෙහෙම ප්‍රශ්ණ තිබුණු පළමු රට අපි නෙවේ.

ඒ හින්දා මේවා නවත්වන්න අවශ්‍ය නම් අපිට උත්තර තියනවා. ලෝකේ බොහෝ රටවල් මීට දශකයකට විතර පෙර මුහුණ දුන් ප්‍රශ්ණයක් තමා, තාක්ෂණික තීරණ ගැනීමට තිබෙන විශේෂඥතාවය පෞද්ගලික අරමුණු කරා යොදා ගැනීම. ඒවාගේම ඒවා අභියෝගයකට ලක් කීරීම අසීරු වීමත්, වෘත්තීයවේදීන්ගේ සන්නාම ඒජන්ත වරු වීමත්, සෞඛ්‍ය සේවාවන් පාළණය කිරීමේ අභියෝගයක්. නමුත් දැන් ලෝකය පුරා ඒ සදහා ඩිජිටල් තොරතුරු පද්ධති (DIgital Librery Sytem) පාවිච්චි කරනවා. විද්‍යුත් ප්‍රසම්පාදන (E precument) ක්‍රම භාවිතා කරනවා. එවැනි ක්‍රම වලට සම්බන්ධ වූ ගමන් අපට පුළුවන් ලොව පුරා ඇති දත්ත, කෘතිම බුද්ද්ධිය හරහා විශ්ලේෂණය කරලා ලබා දෙන නිර්දේශ භාවිතා කරලා අපේ තීරණ ගන්න. ඒ හරහා වෘත්තීයවේදීන්ගේ ඒජන්තයන් කර ගන්න බැරි වෙනවා.  ඒ  මගින් තාක්ෂණික වාර්තා වඩා සාධාරණව ගැනීමටත්, විධිමත්ව සහ ක්‍රමාණිකූලව විමර්ෂණය කිරීමටත් ඉඩ සැලසෙනවා. මේ වගේ ක්‍රම ස්ථාපිත කරන එක ඉතා පහසුයි,

නමුත් ඒවා සෞඛ්‍ය සේවාව තුල ස්ථාපිත කරන්න වගකීමෙන් බැඳිලා ඉන්න අයටට ඒක අවාසි නිසා, කවදාවත් ඒවා කරන්නේ නෑ.

ආණ්ඩුව සෞඛ්‍ය සේවාව ගැන උපදෙස් ගන්නෙත් ඒ අයගෙන්ම නිසා, කවදාවත් නිවැරදි උපදෙ ලැබෙන්නෙත් නෑ.

අවසානයේ නිදහස් සෞඛ්‍ය සේවාව කියලා එකක් තියාගෙන, රෝගී වෙන මහ ජනතාව රෝහල්වල අසරණ වෙන බව වැඩිදුරටත් පවසා සිටියා.