නව කම්කරු නීති කම්කරු උපදේශක සභාවට

නව කම්කරු නීති කම්කරු උපදේශක සභාවට

නවීන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන්හිදී ඉදිරිපත්වූ යෝජනාවන් සැලකිල්ලට ගනිමින් සකස් කළ ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සදහා වූ දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාව වෙත අද (06) දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම දළ කෙටුම්පත කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒකාබද්ධ කමිකරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන දළ පනත් කෙටුම්පත ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර කම්කරු උපදේශක සභාව වෙත ඉදිරිපත් කරන බවට අමාත්‍යවරයා සහතික වී තිබූ අතර ඒ අනුව හෙට දිනයේදී එම පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කෙරේ.

ඉන් පසුව මෙම දළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිතය.