මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්වය තුළ අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීම පිණිස ගත හැකි සියලුම පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ලොව ප්‍රමුඛ පෙළේ බලශක්ති සැපයුම්කරුවෙකු මෙන්ම අපේ සමීපතම මිත්‍ර රටක් වන රුසියානු සමූහාණ්ඩුවෙන් ඛනිජ තෙල් හා ගල් අගුරු ලබා ගැනීම පිළිබදව ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඒ පිළිබදව තවදුරටත් කරුණු සොයා බැලීම හා අවශ්‍ය එකගතා ඇති කර ගැනීම පිණිස රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය “රෝමන් මාර්ෂාවින්“ (Roman Marshavin) ප්‍රමුඛ පෙළේ රුසියානු දූත පිරිසක් අද මෙරටට පැමිණියහ.
අද පස්වරුවේ මුදල් අමාත්‍යංශයේදී නියෝජ්‍ය මුදල් හා කම්කරු අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රමුඛ පිරිසක් හා රුසියානු දූත පිරිස අතර සාකච්ඡාවක් පැවැත්විණ.
බලශක්ති අර්බුදය විසදාගැනීම පිණිස කෙටි කාලීන විසදුම් අවශ්‍යතා මෙන්ම රටවල් දෙක අතර බලශක්ති සබදතා තර කර ගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර බොරතෙල් සැපයුම මෙන්ම පෙට්‍ර්ල්, ඩීසල් හා ගුවන්යානා ඉන්ධන වැනි පිරිපහදු කළ ඉන්ධන සැපයීමට ඇති හැකියාවත් රුසියානු පාර්ශවයෙන් ප්‍රකාශ විණි. තවද මෙරට කෘෂිකර්මාන්තයට අත්‍යාවශය පොහොර ලබාගැනීමට ඇති හැකියාව පිළිබදවත් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන් මෙරටට අවශ්‍ය තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීම සදහා ඇති හැකියාවද රුසියානු දූත පිරිස වෙතින් ප්‍රකාශ විය. එමෙන්ම රටවල් දෙක අතර දිගුකාලීන බලශක්ති සබදතා තර කර ගැනීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාව සදහා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු රැසක් එක්ව සිටියහ.
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද සන්ධ්‍යාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමටද නියමිතය.

