කර්මාන්ත ශාලාවක සිදු වූ අනතුරකින් 7දෙනෙකුට තුවාල

කර්මාන්ත ශාලාවක සිදු වූ අනතුරකින් 7දෙනෙකුට තුවාල

කැස්බෑව දියගම පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක සිදුවූ අනතුරකින් ඉන්දියන් ජාතිකයින් හත්දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය පැවසුවේ එම ආයතනයේ යකඩ උණු කරන බොයිලේරුවෙන් ගිනියම් වූ යකඩ කැබලි පිටතට විසි වීම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි.

කැස්බෑව පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

(aruna)