Red cross  නඩු මගට

Red cross  නඩු මගට

පසුගිය දා පැවති නිලවරණයේදී තනතුරු අහිමි වූ පිරිසක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කීර්ති නාමයට හානි කරමින් විවිධ මාධ්‍යයන්ට කරන ප්‍රකාශයන්ට එරෙහිව අධිකරණය හමුවට යාමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ (07) දින පැවැති විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා රතු කුරුස  සමාජයේ   හිටපු ජාතික ලේකම් හා හිටපු  මුදල් කොමිසමේ සභාපති  යන දෙදෙනා ඇතුළු කංඩායම පසුගිය දිනවල විවිධ සමාජ ජාලා හා ජනමාධ්‍ය ඔස්සේ රතු කුරුස සමාජය තුළ බරපතළ මුදල්  අවභාවිතාවන් සිදුවන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි.

ඒ පිළිබදව විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු, මෙම ප්‍රකාශයන් තුළින් මෙරට ජන සමාජයට වසර අසූවකට ආසන්න කාලයක් විශාල සේවයක් සිදු කළ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ  කීර්තිනාමයට සිදු කරන හානිය සලකා බලා ඔවුන්ට එරෙහිව අධිකරණයට යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.