මුලයන් සොයමින් යන පාගමනට අනුරාධපුරයේදී නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය

මුලයන් සොයමින් යන පාගමනට අනුරාධපුරයේදී නායක ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදය

අටමස්ථානාධිපති නුවර කලාපීය ප්‍රධාන සංඝ නායක පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ සහ රුවන්වැලි සෑය භාරකාර පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ මලයග දමිළ ජනතාව තලෙයිමන්නාරම සිට මාතලේ දක්වා පැමිණෙන පාගමනට ආශිර්වාදය පළ කළහ.

මූලයන් සොයමින් අයිතීන් දිනාගමු යන මැයෙන් ‘මානඹුමිගු මලෛයහ මක්කල්‘ නම් එකතුව විසින් සංවිධානය කළ මෙම පාගමන ජුලි 28 වැනිදා තලෛයිමන්නාරමෙන් ආරම්භ විය. අගෝස්තු 12 වැනිදා මාතලේ වෙත ළඟා වීමට නියමිත අතර අතරමගදී සංස්කෘතික වැඩසටහන් ආදිය පැවැත්වීමට නියමිතය.

කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට රැගෙන ආ මුල්ම කණ්ඩායම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට බත්තල්වලින් රැගෙන ආ අතර, ඉන්දියාවේ වෙරළ දක්වාත්, ඉන්පසු ශ්‍රී ලංකාවේ උතුරු-වයඹ වෙරළ තීරවල සිට කඳුකරය දක්වාත් පා ගමනින් රැගෙන එන ලදී. එකල මාර්ග හරිහැටි නොතිබුණු බැවින්, දැවැන්ත කැළෑ මැද්දෙන් පැමිණි එම පාගමන් හේතුවෙන්, විශාල පිරිසක් ගමන් මාර්ගයේදීම මරණයට පත්ව ඇද වැටී ඇත. පා ගමන අවසන් වූ පසුත්, සැලකිය යුතු පිරිසක් මරණයට පත් වීය. එලෙස පැමිණි එම ජනතාව අද දක්වාම, නිසි අයිතිවාසිකම් නොලැබූ අසාධාරණයට ලක් වූ ජනකොටසක් ලෙස මෙරට ජීවත් වේ.

සැබැඳි පුවත්