කොවිඩ් ආසාදන ඉහළ යාම සෞඛ්‍ය අංශවලට දැරිය නොහැකියි -GMOA කියයි

කොවිඩ් ආසාදන ඉහළ යාම සෞඛ්‍ය අංශවලට දැරිය නොහැකියි -GMOA කියයි
කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය තවදුඅටත් ඉහළ යාමක් සිදුවුවහොත් එම තත්ත්වය සෞඛ්‍ය අංශවලට දරා ගැනීමට නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
 
එමෙන්ම නුදුරේදීම සෞඛ්‍ය අංශ වෙත බරපතළ තත්ත්වයක් ඇතිවනු ඇති බවත් සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරයි.
 
මෙම තත්ත්වය කඩිනමින් පාලනයකර නොගතහොත් නැවටහ්ත් සංචරණ සීමා පනවමින් රට වසා දැමීමට වුවද සිදුවිය හැකි බවයි හෙතෙම සඳහන් කළේ.
 
ජනතාව තම තමන්ගේ ආරක්ෂාව කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත්වීම අත්‍යාවශ්‍ය  බවත් පවතින සෞඛ්‍ය උපදෙස් ඉතා නිවැරදිව අනුගමනය කළ යුතු බවත් කොළඹගේ මහතා වැඩිදුරටත් සිහිපත්කර දෙයි.
 
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රසාද් කොළඹගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.