තාක්ෂණ ඇගයිම් කමිටුව පිළිබඳ අවධානය ගිලිහීම සැක සහිතයි - රවි කුමුදේස් (Video)

ඉමියුනෝග්ලොබියුලින් වංචාවේ විමර්ෂණය වෙන අතකට හැර වීමේ උත්සාහයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවී කුමුදේශ් මහතා පවසා සිටී.

ඒ මහතා මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ අතර, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, තාක්ෂණ ඇගයිම් කමිටුව පිළිබඳ අවධානය ගිලිහීම සැක සහිතයි බවය.

අත්සන් කරපු අය ගැන විතරක් නෙවෙයි, බලපෑම් කල අය ගැනත් හොයන්න. බලපෑම් කල අයගේ නම් හෙලිදරව් කිරීම සෞඛ්‍ය ලේකම්ගේ වගකීමක් බවත්, හොර ඉමියුනෝග්ලොබියුලින් හදන්න ලේ එකතු කර ගත්තේ ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් බව සමාගම් අයිතිකරු කියන බවත්, රුධිර මධ්‍යස්ථානයෙන් ලේ එකතු කර ගන්න සෞඛ්‍ය ලේකම් අවසර දීලා තිබෙන නිසාත්, රුධිරය ලබාගෙන ඇත්තේ අධ්‍යයන පර්යේෂණයක් කරන්න අවශ්‍ය බවට ලබා ගත් අනුමැතියකින් බවත්,  ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් රුධිරය ලීටර 150ක් අදාල ව්‍යාපාරිකයාට දී ඇති බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.