ඊයේ (11) දිනයේ අත්අඩංගුවට පත්වූ 'ලංකා ඊ නිව්ස්' (Lanka e News) වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර අද (12) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
අධිකරණය හමුවේ විභාග වන නඩුවකට අදාළව ඔහු සැකකරුවකු ලෙස නම් කර තිබීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර, ඔහු වෙනුවෙන් නීතිඥ කුමාරප්පෙරුම අධිකරණයේදී කරුණු ඉදිරිපත් කරන ලදී.
2010 වසරේදී 'ලංකා ඊ නිව්ස්' ආයතනයේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සහ එම ආයතනයට එල්ල වූ ගිනි තැබීමේ සිද්ධීන්වලින් පසුව සිය ජීවිත ආරක්ෂාව පතා මෙරටින් පිටව ගිය සේනාධීර එතැන් සිට සිය මාධ්‍ය මෙහෙයවීම් විදේශගතව සිට සිදු කළේය.
(the leader)
සබැඳි පුවත් :
- පොලිස් අත්අඩංගුවට පත් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීරගේ ආරක්ෂාව තහවුරු කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලයි
- සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම පිළිබඳව මැදිහත් වීමක් කරන ලෙස මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරයි
- මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගැනීම: ප්රජාතන්ත්රවාදය සහ මාධ්‍ය නිදහස පිළිබඳ අන්තර්ජාල මාධ්‍ය ක්රියාකාරීත්වයේ (IMA) නිල ප්‍රකාශය
- 'ලංකා ඊ නිව්ස්' කර්තෘ සඳරුවන් සේනාධීර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

