කිසි යම් රටක් ILO සම්මුතියකට අත්සන් කළ විට, එම සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවරයන් නිතිපතා වාර්තා කිරීමට එම රට බැඳී සිටී. මූලික සම්මුතීන් අටෙන් හෝ ප‍්‍රමුඛතා සම්මුතීන් හතරෙන් කවරකට හෝ අත්සන් කර ඇත් නම්, ඒවා ක‍්‍රියාවේ යෙදවීම සඳහා නීතියේ දී සහ භාවිතයේ දී ගෙන ඇති පියවරයන් විස්තර කරමින් රජයන් සෑම දෙවසරකට ම වරක් වාර්තා ඉදිරිපත් කළ යුතු ය. අත හැර දමා ඇති (එනම්, තව දුරටත් නිතිපතා අධීක්ෂණයට ලක් නොවන) සම්මුතීන් හැර අනෙක් සියළු සම්මුතීන් සම්බන්ධයෙන් සෑම පස් වසරකට ම වරක් වාර්තා ඉදිරිපත් කළ යුතු ය. සම්මුතීන් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ වාර්තා ඊට වඩා කෙටි කාල වකවානු තුලදී ද ඉල්ලා සිටිය හැකි ය. රජයන් සිය වාර්තාවල පිටපත් සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන වෙත ඉදිරිපත් කළ යුතු ය. මෙම සංවිධානයන්ට රජයන් ඉදිරිපත් කළ වාර්තා පිළිබඳව අදහස් දැක්වීම් කළ හැකි ය; එමෙන් ම, සම්මුතීන් ක‍්‍රියාවේ යෙදවීම පිළිබඳ සිය අදහස් දැක්වීම් ඍජුව ILO වෙත ද යැවිය හැකි ය.

